A 2 Z ENGLISH
COURSES

A2Z English

ඔබට දැන් එකම තැනකින් ඉංග්‍රීසි හෝඩියේ සිට ඉහළටම දන්න සිංහලෙන් ඉගෙනීමට
අවස්ථාව.

Free and paid courses

අධික මිලක් ගෙවීමට සුදුවන පාඨමාලා සමහරක් 100% ක් නොමිලේ ද සමහරක් ගෙවීමටද ලබාදී
ඇත.

Well organized

ඔබගේ ඉංග්‍රීසි දැනුමේ විවිධ පැතිකඩ ආවරණය වන පරිදි පාඨමාලා සංවිධිතවේ. ක්‍රමවත් බව ඉගෙනීම වේගවත් කරයි.

Well-experienced teacher

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ වසර ගණනක පළපුරුද්දෙහි ප්‍රතිපල මෙම පාඨමාලාවල ඔබට අත්විඳිය හැක.

Frequently asked questions

ඉංග්‍රීසි හෝඩියේ සිට Be verbs, Active Voice, Passive Voice, Modals, Patterns, Expressions වගේ අවශ්‍යකරන හැමදේම පාහේ ඉංග්‍රීසි නිදසුන් හා අභ්‍යාස සහිතව සිංහලෙන් විස්තර කෙරෙනවා. මෙම වෙබ් අඩවියේම online හැදෑරිය හැකියි. පාඨමාලාවල පටුනක් මුළින් නැරඹියහැකියි.

O/L English වැනි විභාග සඳහා වෙනම නොමිලේ පාඨමාලා නුදුරේදීම ලබාදීමට නියමිතයි. අවශ්‍යතාවය කුමක්වූවත් ඔබගේ දැනුමට ශක්තිමත් පදනමක් සකසාගැනීමට සහ ඕනෑම අවස්ථාවකට මුහුණදීමට හැකියාව සකසාගැනීමටඔබට A2Z පාඨමාලාව තෝරාගත හැකියි. A2Z English Course එක Levels වලට වෙන්කරල ඇත්තේ ඔබට තෝරාගත හැකිවීමටයි. Level One ඉංග්‍රීසි හෝඩියේ සිට පටන්ගැනෙනව. ඔබගේ දැනුම් මට්ටම කුමක්වුවත් Level One වල සිට යාම තදින් අනුමත කෙරෙනව.

ඔව සහ නැහැ. මේ වනවිට ඔබ දන්නාපරිදිවසර ගණනක සිට online WhatsApp/Zoom හා offline classes නොමිලේ ලබාදී තිබෙනවා. ඊට අමතරව දැන් මෙහිත් ඔබට නොමිලේ සහ කැමතිනම් ගෙවීමට පාඨමාලා තිබෙනව. මෙම සේවාවන් තවදුරටත් පවත්වාගෙන යාමට හා මෙහි next level වලට සංවර්ධනය කිරීමට දැන් මුදල් අයකෙරෙන කොටස් ලබාදීමට තීරණය කරතිබෙනවා. ඔබට මෙවැනි අවස්ථාවක් රටේ වෙනත් තැනකින් සොයාගැනීමට නොහැකිවනු ඇති.

අයකෙරෙන පාඨමාලාවලට ඇතුළුවීමට ඔබට අන්තර්ජාලය සහ බැංකු කාඩ් පතක් තිබේනම් අදාළ පාඨමාලාවේ enroll මත click කර ඉදිරියට යා හැකියි. Click Here!

ඒක වෙනස්වෙනව. භාෂාවක් ඉගෙනීම අපි වෙනත් විෂයක විෂය මාලාවක් ඉගෙන අවසන් කිරීම වගේනෙමෙයි. භාෂාපරිසරයක් තියෙන්න ඕනේ.ඒකට පාඨමාලාවක් , මග පෙන්වීමක් සහ ඔබගේ කැපවීම තියෙන්න ඕනේ. ඊට අවශ්‍ය බොහෝ පසුබිම මෙම පාඨමාලාවලින් ආවරණයකෙරෙනව. පසුකාලීනව තමන්ටම තනියෙන් වැඩිදුර දැනුම වැඩිකරගැනීමට අවශ්‍ය පදනම අනිවාර්‍යයෙන් මෙම පාඨමාලාවෙන් ලැබෙනව. “Winners embrace hard work.”

what they say

මට ඉංග්‍රීසි ස්පෙලින් හරියට වරදිනව කියවන්නත් අමරුයි.දැන් රැකියාවක් කරන නිසා ගොඩක් අපහසුතා වලට මුහුණ දෙනව. තනියම ඉගන ගන්නව කියල හිතලයි මේ උත්සාහ කරන්නෙ.එතකොටයි ඔබ වහන්සෙගෙ වීඩියෝ දැක්කෙ. ගූගල් බැලුවට ඇත්තටම හමු උනේ නෑ හෝඩියේ ඉදල යන වීඩියෝ එහෙම ඒව හරි අඩුයි. ඔබ වහන්සෙට ගොඩක් පින් මේ කරන උපකාරයට.
Renuka
Kandy
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ. මං හැමදාම මොනව හරි දෙයක් ඉගෙනගන්නවා. පංතිවලට ගියත් මෙවගෙ නම් ඉගෙනගන්න බැ.
Gayani
Deniyaya
මේ තියෙන්නේ මම 2020/01/01 - 31 දක්වා free english in sinhala පාඨමාලාව හා පැමිණි ගමන් මග. වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ඔබ වහන්සේ ට අපි ණයගැතියි. ඔබ වහන්සේ ඉංග්‍රීසි භාෂාව තුලින් අපව මේ රැගෙන යන සුන්දර ගමන් මගේ කෙලවර කොතැනද ඒ වන තෙක් අපි අසීමාන්තික විශ්වාසයකින් ඔබ වහන්සේ සමග රැදි සිටිනවා.... මෙහි ඵල වැඩි වැඩියෙන් නෙලා ගන්නට ශ්‍රී ලාංකීය මිතුරු මිතුරියන්ට අපේ පන්තිය හා එක් වන්නට අවස්ථාව ලැබේවා.....!
Rangana
Tissamaharama
මම ගණකාධිකාරී හදාරනවා. මට ඉංග්‍රීසි දැනුම ගොඩක් මදි එ නිසා මම ඉංග්‍රිසිඉ ගෙනගන්න අපෙ හාමුදුරුවන් වහන්සේ ව තොර්රගත්ත.
Hemasriyal
Moratuwa